International04 October 2026

සෞදි ඇරම්කෝ තෙල් පිරිපහදුවට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබියේ ප්‍රධාන පෙළේ රාජ්‍ය තෙල් සමාගමක් වන 'සෞදි ඇරම්කෝ' (Saudi Aramco) ආයතනයට අයත් පිරිපහදුවක් ඉලක්ක කර ගනිමින් බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රහාරයෙන් අනතුරුව අදාළ තෙල් පිරිපහදුව පිහිටි පරිශ්‍රයෙන් විශාල ගිනිජාලා සහ ඝන දුම් රොටු අහසට නැගෙන ආකාරය දැකගත හැකි වී ඇති බවත්, හටගත් දැවැන්ත ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදා භටයින් මෙහෙයුම්වල නිරත වන බවයි.

යේමනයේ සනා අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සංවිධානය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes