General04 October 2026

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි: ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ වර්ෂාපතනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

මේ අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැත්විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes