General04 October 2026

කොණ්ඩා රංජි දුන් තොරතුරකින් සුසාන භූමියක සඟවා තිබූ පිස්තෝලයක් සොයාගැනේ

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන, රතු වරෙන්තු ලබා සිටියදී ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද රංජිත් කුමාර නොහොත් 'කොණ්ඩා රංජි' නමැති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මිනීවලක් යට සඟවා තිබූ ස්වයංක්‍රීය පිස්තෝලයක් සොයා ගැනීමට බස්නාහිර පළාත් උතුරු දිශා අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

'මිනුවන්ගොඩ ටොක්කා' නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට යොදාගත් මෙම ගිනි අවිය, ගනේමුල්ල පොලිස් බලප්‍රදේශයේ බොල්ලතේ පොදු සුසාන භූමිය තුළ වූ මිනීවලක් යට සූක්ෂම ලෙස සඟවා තිබියදී සැකකරු විසින් පෙන්වා දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

එහිදී, මෙම ඝාතනය සිදු කිරීම සඳහා අදාළ ගිනි අවිය සංවිධානාත්මක අපරාධකරුවකු වන 'රත්ගම විදුර' නමැත්තා විසින් තමන් වෙත ලබා දුන් බවටද කොණ්ඩා රංජි විසින් පාපොච්චාරණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes