බර්මියුඩාවේ සිට ඇමෙරිකාවේ බොස්ටන් (Boston) බලා පියාසර කරමින් තිබූ පුද්ගලයින් 06 දෙනෙකු රැගත් ගුවන් ගිලන්රථයක් (Air Ambulance) නන්ටකට් (Nantucket) දූපත් ආසන්නයේදී අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
කැනඩාවේ ලැටිටියුඩ් එයාර් ඇම්බියුලන්ස් (Latitude Air Ambulance) සමාගමට අයත් ගල්ෆ්ස්ට්රීම් (Gulfstream) වර්ගයේ මෙම ජෙට් යානය සමඟ පැවති සන්නිවේදන සබඳතා හදිසියේම බිඳවැටී ඇති බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය (FAA) විසින් වෙරළාරක්ෂක බලකාය වෙත දැනුම් දී තිබෙනවා.
කැනේඩියානු ගුවන් පථ ලියාපදිංචියක් සහිත මෙම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 04 දෙනෙකු සහ මගීන් 02 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් සිව්දෙනෙකුම කැනේඩියානු ජාතිකයින් බව කැනඩාවේ ප්රවාහන අමාත්ය ස්ටීවන් මැකිනන් තහවුරු කර ඇත්තේ.
ගුවන් ගමන් නිරීක්ෂණ දත්තවලට අනුව, අඩි 24,000 ක් උසින් පියාසර කරමින් තිබූ යානය සන්නිවේදනය ඇනහිටීමට විනාඩි දෙකකට පමණ පෙර හදිසියේම අඩි 13,000 කින් පහත බැස ඇති අතර, පාලක මැදිරිය සමඟ සිදුවූ අවසන් සංවාදයේදී ගුවන් නියමුවා විසින් හදිසි තත්ත්වයක් (Emergency) ප්රකාශයට පත්කර ඇති බවද වාර්තා වෙනවා.
මේ වන විට ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය (US Coast Guard) විසින් මුදවාගැනීමේ නෞකා සහ ගුවන් යානා යොදවා නන්ටකට් මුහුදු තීරයේ දැවැන්ත සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහා යානය ගමන් කළ මාර්ගය ආශ්රිතව සෙවීම් තීව්ර කර තිබෙනවා.
මූලාශ්රය - අල්ජසීරා

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026