International04 October 2026

අමෙරිකාවට නව කෘත්‍රිම බුද්ධි ප්‍රධානියෙක්

අමෙරිකාවේ කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ. ක්ලේටන් පත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස පත් වූ ජේ. ක්ලේටන් අලුතින් පිහිටුවන ලද විශේෂ උපදේශක කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර ඇති බවයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත් සඟරාව වාර්තා කර ඇත්තේ.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් මතු විය හැකි අවදානම් වෙනත් අවස්ථාවන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර දින 120ක් ඇතුළත පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes