General04 October 2026

ගතවූ පැය 24 තුළ දිවයින පුරා රිය අනතුරුවලින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව කළුතර උතුර, දියගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් මියගිය 23 හැවිරිදි තරුණයාගේ උපන්දිනය ඊයේ (03) දිනයට යෙදී තිබී ඇති බව ද සඳහන්.

මියගිය තරුණිය 16 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර හබරණ - ත්‍රිකුණාමලය මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අම්පාර, ධර්මපාල මාවතේදී කල්මුණේ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩවලව ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්.
Related recommendation
Hiru TV News | Programmes