General04 October 2026

වසරේ මුල් මාස අට තුළ රජයේ වියදම් බිලියන 4,000කට ආසන්න ලෙස ඉහළට

මේ වසරේ මුල් මාස අට තුළ රජයේ මුළු වියදම් සහ ශුද්ධ ණය දීම් සියයට 6.9 කින් රුපියල් බිලියන 3966. 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය 2025 වසරේ මුල් මාස අට තුළදී රුපියල් බිලියන 3712. 5 ක් ලෙස දැක්වුණා.

එසේම මේ වසරේ මුල් මාස අට තුළ ආදායම් සහ ප්‍රදාන පසුගිය 2025 වසරේ මුල් මාස අටට සාපේක්ෂව රුපියල් බිලියන 4002.3ක් දක්වා සියයට 21. 2 කින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

එය පසුගිය වසරේ එම කාලයේදී සටහන් වුණේ රුපියල් බිලියන 3301.5 ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes