General04 October 2026

පළාත් 7කට සහ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු

වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර අද උදෑසන 8:30 න් අවසන් වූ ගතවූ පැය විසිහතර තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 118 කෑගල්ල දිස්ත්‍රික්කයේ තල්දූව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Related recommendation
Hiru TV News | Programmes