ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු විසින් බස් රථයේ ජනේලයෙන් ඉවතට විසි කරනු ලැබූ පොලිතින් මල්ලක්, ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ තවත් ලංගම බස් රථයක රියැදුරු අසුනේ ඉදිරිපස ප්රධාන වීදුරුවේ වැදී සිදුවූ හානියට රුපියල් 18,000ක මුදලක් ඔහුට ගෙවීමට සිදුව ඇති බවට හැටන් ප්රදේශයෙන් වාර්තා වුණා.
හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත වීරසුරිය පැවසුවේ, හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක අඹුසැමි යුවළක් තම දරුවා සමඟ බගවන්තලාව දක්වා ගමන් කරමින් සිටියදී, දරුවා බස් රථය තුළ වමනය කර ඇති බවයි.
පසුව අදාල දරුවාගේ පියා විසින් එම වමනය පොලිතින් මල්ලකට දමා, එය මාර්ගයේ නෝර්වුඩ් ප්රදේශයේදී බස් රථයේ ජනේලයෙන් ඉවතට විසි කරන අවස්ථාවේදී එම බෑගය ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ රියැදුරු අසුනේ ඉදිරිපස වීදුරුවේ වැදී ඇති බවට තොරතුරු හෙළිවූ බව ඔහු පැවසුවා.
ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයේ රියැදුරු ඇතුළු බස් රථ දෙකේම රියැදුරන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල මගියාද සමඟ නෝර්වුඩ් පොලිසිය වෙත ගොස් පැමිණිලි කිරීමට සූදානම් ඇති බවට ද වාර්තා වුණා.
එහෙත්, එම වරද සිදු කළ මගියා විසින් සිය වරද පිළිගෙන ඩිපෝව වෙත පැමිණ අදාළ මුදල ගෙවා සිද්ධිය සමතයකට පත් කරගත් බව ඩිපෝ කළමනාකාරවරයා පැවසුවා.
බස් රථවල ගමන් ගන්නා මගීන්ට කිසිදු ද්රව්යයක් තමන් ගමන් ගන්නා බස් රථයෙන් ඉවතට නොදමන ලෙසට උපදෙස් ලබා දී තිබුණද, ඇතැම් මගීන් එය නොපිළිපැදීම නිසා මෙවැනි විපත් සිදු වන බවයි ඩිපෝ කළමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Latest News
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026