පුහුණු ගුරු සිසුවියන්ට අසභ්ය වීඩියෝ පෙන්වමින් ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් අම්පාර අට්ඨාලචේන ජාතික අධ්යාපන විද්යාපීඨයේ (ගුරු විද්යාලයේ) කථිකාචාර්යවරයකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරපත්තුව මහේස්ත්රාත් අභිනයා සුරියවානි ඊයේ (03) නියෝග කර තිබෙනවා.
අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.
සැකකාර කථිකාචාර්යවරයා විෂයන් සඳහා ලකුණු ලබාදීමේ කටයුතු සිදුකරන බැවින්, පැමිණිලි කළහොත් තමන්ට හිමිවන ලකුණු අඩුවනු ඇතැයි බියෙන් මෙම සිසුවියන් දීර්ඝ කාලයක් තිස්සේ මේ පිළිබඳව පැමිණිලි නොකර සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
අම්පාර කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චිට ලද තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අගතියට පත් ගුරු සිසුවියන්ගෙන් ප්රකාශ ලබාගැනීමෙන් අනතුරුව, අම්පාර කොට්ඨාස කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් පෙරේදා (02) පස්වරුවේ සැකකාර කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර දිසා භාර නියෝජ්ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ නියෝග මත, අම්පාර කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චිගේ මෙහෙයවීමෙන් සහ සහකාර පොලිස් අධිකාරී සම්පත් වික්රමරත්නගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්රියාත්මක වනවා.
අම්පාර කොට්ඨාස කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ, වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා කේ.ටී.පී. තරංගා, පොලිස් සැරයන් (37387) වීරසිංහ, කාන්තා පොලිස් සැරයන් (3573) තුෂාරි, කාන්තා පොලිස් කොන්ස්තාපල්වරියන් වන (12830) චන්දි, (10237) උෂානි සහ (10686) සචිනි යන නිලධාරීන් පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Latest News
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026