ශ්රී ලංකාවේ ජාත්යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ඉදිරි ක්රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස සහ ශ්රී ලංකාවේ ICRC නියෝජිත ප්රධානී ඇන්ජලීක් ඇපෙරූ අතර හමුවක් කොළඹදී සිදුව තිබෙනවා.
ICRC සංවිධානය විසින් ශ්රී ලංකාවේ ඉදිරි මැදිහත්වීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කළ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
මෙහිදී පසුගිය යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් පවතින මානුෂීය ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සඳහා ශ්රී ලංකාවේ තිරසර ජාතික හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්යතාව පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
විශේෂයෙන් අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් සිටින පවුල්වල අවශ්යතා, අධිකරණ වෛද්ය ක්ෂේත්රයේ ධාරිතාව ශක්තිමත් කිරීම, රාජ්ය ආයතන අතර සහයෝගීතාව මෙන්ම ජාත්යන්තර මානුෂීය නීතිය පිළිබඳ අවබෝධය සහ එය ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.
විපක්ෂනායකවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ විසඳා නොමැති මානුෂීය ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපක්ෂපාතී, මානුෂීය සහ සාක්ෂි මත පදනම් වූ ප්රවේශයක් අනුගමනය කිරීම වැදගත් බවයි.
එමෙන්ම, මානුෂීය අවශ්යතාවලට වෘත්තීයමය හා අපක්ෂපාතී ආකාරයෙන් ප්රතිචාර දැක්විය හැකි විශ්වසනීය හා තිරසර ශ්රී ලාංකික ආයතනික හැකියාවක් ගොඩනැගීමේ අවශ්යතාවද ඔහු අවධාරණය කර තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අපේක්ෂාවෙන් සිටින පවුල්වලට ඔවුන්ගේ ජාතිය, ආගම, භූගෝලීය හෝ දේශපාලන පසුබිම නොසලකා ගෞරවය, කරුණාව සහ සාධාරණත්වය හිමිවිය යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්රී ලංකාවේ අධිකරණ වෛද්ය ක්ෂේත්රය සහ අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගැනීමේ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ජාත්යන්තර විශේෂඥ දැනුමෙන් ලබාගත හැකි සහාය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
ශ්රී ලංකාවේ දීර්ඝකාලීන මානුෂීය කටයුතු සඳහා ICRC සංවිධානය ලබාදී ඇති දායකත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළ කර ඇති අතර, ඉදිරියේදීද අදාළ පාර්ශ්වයන් සමඟ අඛණ්ඩ සංවාදයක නිරත වීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026