අඛණ්ඩව, ඉහළ ගුණාත්මකභාවයකින් සහ අඩුම ඒකක මිලක් යටතේ විදුලිය ලබාදීම කේන්ද්‍ර කරගත් විදුලි ජනන ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
එය සාක්ෂාත් කරගත හැක්කේ පුනර්ජනනීය බලශක්තිය හරහා බවත්, බලය නොමැති සමයේ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ ඉදිරිපත් කළ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම ව්‍යාපෘති කුණු කූඩයට විසි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු සඳහන් කළා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සූර්ය බලශක්ති ව්‍යවසායකයන්ට බලපාන රජයේ ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන් මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworth දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකින් අනතුරුව අදහස් දක්වමින්.
2016 වසරේදී සූර්ය බලශක්ති ක්ෂේත්‍රය තුළින් ව්‍යවසායකයන් දහස් ගණනක් බිහි වූ බවත්, ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන් සහ ස්වයං රැකියා හා ව්‍යවසායකයන් ලෙස විශාල පිරිසක් එම කර්මාන්තයට සම්බන්ධ වූ බවත් සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් මේ වනවිට සූර්ය බලශක්තිය මත පදනම් වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
එම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට දේශපාලන හෝ ගජමිතුරු සම්බන්ධතා නොමැති බැවින් ඔවුන්ගේ ව්‍යවසායකත්වය අඩපණ කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බවට ද විපක්ෂ නායකවරයා පවසා සිටියා.
සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විසින් මාසිකව රුපියල් බිලියන 25කට වැඩි මුදලක් රටට ඉතිරි කරමින් මෙගාවොට් 2,500කට ආසන්න විදුලි ධාරිතාවක් පද්ධතියට එක් කරන බවත්, එවැනි පිරිසක් වෙනුවෙන් වහල මත සූර්ය බල පද්ධති ලක්ෂ 10ක ඉලක්කයක් කරා යාමට රටක් ලෙස නොහැකි මන්දැයි ප්‍රශ්න කරන බවත් ඔහු පැවසුවා.
දැනට වහල මත සවිකර ඇති සූර්ය බල පද්ධති සංඛ්‍යාව 150,000ක් පමණ බවත්, ස්වභාවික සම්පත් ලෙස සූර්ය බලය, ජලය සහ සුළං බලය තිබියදී කෝටි ප්‍රකෝටි ගණනින් තාප බලාගාර ආශ්‍රිත ආයෝජන සිදුකරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
මේ අතර සූර්ය බලශක්ති ඒකකයක් සඳහා පැවති රුපියල් 37ක මුදල රුපියල් 27 දක්වාත්, පසුව රුපියල් 20කටත් අඩු මට්ටමකටත් අඩු කර ඇති බව සජිත් ප්‍රේමදාස සඳහන් කළා.
නෙට් ප්ලස් ක්‍රමවේදය හරහා සූර්ය බලශක්ති ව්‍යවසායකයන් එම ආයෝජනවලින් ඉවත් වන තත්ත්වයක් නිර්මාණය කරන්නේ තාප හා ඉන්ධන බලාගාර ක්ෂේත්‍රයේ න්‍යාය පත්‍රය රජය අනුගමනය කරන නිසාදැයි ඔහු ප්‍රශ්න කළා.
ඔස්ට්‍රේලියාව සහ නෝර්වේ වැනි රටවල පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාව පාඩම් ඉගෙන ගත යුතු බවත්, රටේ පුනර්ජනනීය හා සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.
හෝර්මූස් සහ බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධි ආශ්‍රිතව පවතින යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන හා තාප බලාගාර මත වැඩි වශයෙන් රඳා සිටීම රටේ වර්තමානයට මෙන්ම අනාගතයටද අහිතකර බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව අඛණ්ඩව අඩුම වියදමකින් විදුලිය නිපදවිය හැකි පුනර්ජනනීය සහ සූර්ය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන ඕනෑම වැඩපිළිවෙළකට සමගි ජන බලවේගය උපරිම සහයෝගය ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Latest News
‘හස්ති සේනා’ මෙහෙයුමෙන් ගිනි අවියක්, පතොරම්, හක්කපටස්, සහ මදු රැසක් සොයා ගැනේ
Local
16 November 2026
"ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ලංකාව ගේනවා" - නි. ඇමති හේවගේ
Local
16 November 2026
නව ඇණවුම් සහ සේවා නියුක්තිය ඉහළට: නිෂ්පාදන අංශයේ PMI දර්ශකය 55.3ක්
Local
16 November 2026
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 November 2026
රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නව හෙල්ල කට්ටලයක්
Local
16 November 2026
පූජා භූමි සංවර්ධන වැඩසටහන කඩාකප්පල් කරන්න එපා: වැඩ බලන අටමස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්
Local
16 November 2026
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
Local
16 November 2026
නිල ජේම්ස් බොන්ඩ් චරිතයට බැට්මෑන් නළු රොබට් පැටින්සන් නම් කෙරේ
Local
16 November 2026
ක්‍රිප්ටෝ සහ ඩිජිටල් වත්කම් නියාමනයට රජයෙන් මූලික අනුමැතිය - නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න
Local
16 November 2026
ඉල්ලා අස්වූ NVIDIA ප්‍රධානියා යළි තනතුරට ගෙන එන්නැයි ඉල්ලන ව්‍යාපාරයට එලොන් මස්ක්ගේ සහාය
Local
16 November 2026