International04 October 2026

පැරගුවේ අගනුවරට දැවැන්ත හිම කැට වැස්සක්

පැරගුවේ අගනුවර වන අසුන්සියෝන් සහ අවට ප්‍රදේශවලට දැවැන්ත හිම කැට වැස්සක් ඇද හැලුණා.

මේ සමග දේපළ රැසකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

හදිසි ආපදා සේවා කණ්ඩායම් විසින් හානියට පත් වූ ජනතාවට සහන සැලසීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes