ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන් විසින් මාධ්‍යවේදිනියන් තිදෙනෙකුට ලිංගික හිංසනය සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඡන්ද නාමලේඛනවල සිදුකරන බව කියන පුළුල් සංශෝධනවලට විරෝධය පළ කරමින් තරුණයින් පිරිසක් පැවැත්වූ විරෝධතාවක් අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විරෝධතාවයේදී තරුණයින් විශාල පිරිසක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඇතැම් මාධ්‍යවේදිනියන් පොලිස් නිලධාරීන්ගේ අනිසි ස්පර්ශ කිරීම් ඇතුළු ලිංගික හිංසනවලට ලක්වූ බවට චෝදනා කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල නවදිල්ලි පොලිස් බල ප්‍රදේශය විසින් අපරාධ විමර්ශන අංශයට යොමු කර ඇත්තේ සාධාරණ සහ අපක්ෂපාතී විමර්ශනයක් සඳහා බවයි පොලිසිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර, ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි පවසන්නේ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් මතුව ඇති බැවින් මේ පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පිළිතුරු දිය යුතු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය සමාජය ද දැඩි විරෝධය පළ කර ඇති අතර, පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා.
විරෝධතාකරුවන්ට පහරදීම සහ බලහත්කාරයෙන් ඉවත් කිරීම දැක්වෙන වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඉන්දීය මැතිවරණ කොමිසම පවසන්නේ ඡන්ද නාමලේඛන සංශෝධනයේ අරමුණ අනුපිටපත් සහ ඡන්දය භාවිත කිරීමට නුසුදුසු පුද්ගලයන්ගේ නම් ඉවත් කිරීම බවයි.
මේ වනවිට එම ක්‍රියාවලිය යටතේ ඡන්ද නාමලේඛනයෙන් නම් මිලියන 130ක් පමණ ඉවත් කර ඇති බවද වාර්තා වනවා.
මූලාශ්‍රය - BBC

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026