International05 October 2026

දක්ෂිණාංශික ෆ්ලාවියෝ බොල්සොනාරෝ පළමු වටය ජයගනිමින් බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ ජයගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය සියයට 50ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යාමට ඔහුට නොහැකිවීම හේතුවෙන් ජනාධිපතිවරණය දෙවන වටයක් දක්වා ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ෆ්ලාවියෝ බොල්සොනාරෝ සහ වත්මන් ජනාධිපති ලූලා ද සිල්වා අතර දෙවන වටයේ ඡන්ද විමසීම ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඡන්ද ගණන් කිරීමෙන් සියයට 99ක් අවසන් වන විට බොල්සොනාරෝ සියයට 47.03ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ලූලා ද සිල්වා ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 45.16ක්.

ෆ්ලාවියෝ බොල්සොනාරෝ හිටපු බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු දක්ෂිණාංශික ලිබරල් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා.

මේ අතර, බොල්සොනාරෝගේ ලිබරල් පක්ෂය පළමු වටයේ ප්‍රතිඵල අනුව ආණ්ඩුකාරවරුන්, සෙනෙට් සභිකයින් සහ ෆෙඩරල් නියෝජිතයින් වැඩි පිරිසක් තෝරාපත් කර ගැනීමට සමත්ව ඇති බවද වාර්තා වනවා.

ඒ අනුව බ්‍රසීල කොංග්‍රසය තුළද එම පක්ෂයට සැලකිය යුතු බලපෑමක් හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජනාධිපති ලූලා ද සිල්වා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ මෙවර තරගය ප්‍රජාතන්ත්‍රවාදය සහ "ම්ලේච්ඡත්වය" අතර තේරීමක් බවයි.

මේ අතර, ෆ්ලාවියෝ බොල්සොනාරෝ ප්‍රකාශ කර ඇත්තේ බ්‍රසීල ජනතාව "නිදහස් කිරීමට" තමන්ට අවශ්‍ය බවයි.

මූලාශ්‍රය - BBC
Related recommendation
Hiru TV News | Programmes