International05 October 2026

එප්ස්ටීන් සිද්ධියට තමාව අත්අඩංගුවට ගැනීම ගැන හිටපු කුමරු ඇන්ඩෲ පොලිසියට එරෙහිව අධිකරණයට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොහොයුරා වන ඇන්ඩෘ මවුන්ට්බැටන්-වින්ඩ්සර්,(Andrew Mountbatten-Windsor) තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තේම්ස් වැලි (Thames Valley) පොලිසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා.

ද ටෙලිග්‍රාෆ් වාර්තා කර ඇත්තේ, අභාවප්‍රාප්ත වූ ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) සම්බන්ධයෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ ලේඛන මත පදනම්ව ඇන්ඩෘ මවුන්ට්බැටන්-වින්ඩ්සර් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගෙන ඇති බවයි.

2001 සිට 2011 දක්වා කාලය තුළ වෙළඳ කටයුතු සඳහා විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ අවස්ථාවේදී එප්ස්ටීන් වෙත රජයේ ලේඛන ලබාදුන් බවට සැකපිට ඔහු මේ වසරේ පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

තමන්ට එරෙහිව පොලිසිය ගත් ක්‍රියාමාර්ග නීත්‍යානුකූලද යන්න තීරණය කරන ලෙස ඇන්ඩෘ මවුන්ට්බැටන්-වින්ඩ්සර් විනිසුරුවරයෙකුගෙන් ඉල්ලා ඇති බවත් ටෙලිග්‍රාෆ් වාර්තා කරනවා.


මූලාශ්‍රය - Reuters
Related recommendation
Hiru TV News | Programmes