ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේදී පැනනැගුණු ගැටළු විසඳීම සඳහා ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඉකුත් දා පැවැත්වූ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා මාර්ගෝපදේශ නිර්දේශ අනුව මෙම නව ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට නියමිව ඇති බවත්, මෙහිදී අදාල බඳවා ගැනීම් වෙනුවෙන් යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සමාලෝචනය කෙරුණු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සහ අධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සංශෝධන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව පැමිණ සිටි සංගම් නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ බවද එම අමාත්‍යාංශය පවසනවා.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ වහාම අදාල උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ හැකි බව මෙහිදී අගමැතිනිය සඳහන් කළා.
ගුරු පුහුණු, විද්‍යාපීඨ සංවර්ධන කටයුතු සහ ගුරු-විදුහල්පති ඇතුළු සේවාවන් 06ක වෘත්තීයභාවය නංවාලීම සඳහා අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවමින් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරනු ලැබුවා.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයින් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.
Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026