International05 October 2026

ලන්දේසි යළිත් ආසියාව හැර යයි : ඇක්සෝනොබෙල් තීන්ත ව්‍යාපාරය ඩොලර් බිලියන 1.35කට නිපෝන් පේන්ට්ස් වෙත විකුණා දමයි

නෙදර්ලන්ත (ලන්දේසි) තීන්ත සහ ආලේපන නිෂ්පාදක සමාගමක් වන ඇක්සෝනොබෙල් (AkzoNobel) සමාගම සිය ආසියානු අලංකාරී තීන්ත (decorative paints) කළඹ සමාලෝචනය අවසන් කරමින්, එහි අග්නිදිග ආසියානු ව්‍යාපාරය ජපානයේ නිපොන් පේන්ට් (Nippon Paint) වෙත අමෙරිකානු ඩොලර් බිලියන 1.35 කට අලෙවි කිරීමට එකඟ වී තිබෙනවා.

මෙම ගිවිසුමට වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, පැපුවා නිව්ගිනියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල අලංකාරී තීන්ත මෙහෙයුම් ඇතුළත් වන බව සමාගම පවසයි. බදු සහ සුළු හවුල්කරුවන්ට ගෙවීම් කිරීමෙන් පසු ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1 ක ශුද්ධ රුපියල් මුදල් ආදායමක් (net cash proceeds) අපේක්ෂා කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීට පෙර එම සමාගම ඉන්දියාවේ සහ පාකිස්තානයේ තම අලංකාරී තීන්ත මෙහෙයුම් පිළිවෙළින් ඩොලර් බිලියන 1.6කට සහ යුරෝ මිලියන 50කට බැගින් ඉවත් කර ගෙන තිබෙනවා.

මෙම ආසියානු කළඹ සමාලෝචනය සාර්ථකව අවසන් වීම, අපගේ ව්‍යාපාරික කළඹ වඩාත් වාසිදායක පරිමාණයන් අත්පත් කරගත හැකි සහ ශක්තිමත් ස්ථානයක් වෙත යොමු කිරීමේ අඛණ්ඩ උපායමාර්ගයක කොටසක් බවයි ඇක්සෝනොබෙල් ප්‍රධාන විධායක නිලධාරී ග්‍රෙග් පෝ-ගුයිලෝම් (Greg Poux-Guillaume) පවසා ඇත්තේ.

ඉන්දුනීසියානු ගනුදෙනුව 2026 වසරේ අගභාගයේදී වෙනම අවසන් කිරීමට අපේක්ෂිත අතර, අනෙකුත් ගනුදෙනු 2027 වසරේ මැද භාගය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ අතර, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අමෙරිකානු ආලේපන නිෂ්පාදක ඇක්සල්ටා (Axalta) සමඟ කරන ඒකාබද්ධ ව්‍යාපාරය (merger) සාර්ථකව අවසන් කිරීම කෙරෙහි ඉදිරියේදී අවධානය යොමු කරන බවයි ඇක්සෝනොබෙල් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මූලාශ්‍රය – Reuters
Related recommendation
Hiru TV News | Programmes