General05 October 2026

“මට මානසික පීඩනයක් තිබුණ නිසා ආරණ්‍යකට ගිහින් භාවනා කළා” - ඥානසාර හිමි

තමන්  ආරණ්‍යකට ගොස් භාවනා කිරීමට කටයුතු කළේ දැඩි මානසික පීඩනයක් පැවැති බැවින් මිස අධිකරණය මග හැරීමේ අරමුණින් නොවන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

අද (05) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

අධිකරණය සමඟ තමාට කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමන් නිරන්තරයෙන් කටයුතු කළේ රටේ ජනතාව වෙනුවෙන් බවයි උන්වහන්සේ පැවසුවේ.

අවුරුදු 25ක් පුරාද අනුන්ගෙන් බත් වළඳමින් රට වෙනුවෙන් කැපවූ බවත්, තමාව සිරගත කළ පමණින් පවතින ගැටලු විසඳෙන්නේදැයි උන්වහන්සේ ප්‍රශ්න කරනවා.

උන් වහන්සේගේ ශරීරයේ දුවන්නේ ‘දකුණේ ලේ’ බැවින් කිසිදු බියක් නොමැති බවත්, ජේසුස් වහන්සේ පැවසූ අයුරින් "ඕනෑ නම් මගේ ලේ බොන්න, නැතහොත් මගේ මස් කන්න" යැයිද වැඩිදුරටත් පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes