සෞදි සහාය ලබන යේමන රජයේ හමුදා අද (05) දිනයේදී බාබ් අල්-මන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධියේ වැදගත් ස්ථාන කිහිපයක බලය අත්පත් කරගත් බව හමුදා සහ රාජ්‍ය ආරංචි මාර්ග පවසන බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
සෞදි නායකත්වය දරන සන්ධාන හමුදාවල දැඩි ගුවන් ප්‍රහාරක සහාය ඇතිව, බාබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියට ඉහළින් පිහිටි දුබාබ් (Dhubab) දිස්ත්‍රික්කයේ වැඩි කොටසක් රජයේ හමුදා විසින් අත්පත් කරගෙන ඇති අතර එම ප්‍රදේශයේ සම්පූර්ණ බලය තහවුරු කරගනිමින් සිටින බව හමුදා ආරංචි මාර්ග තුනක් සහ එක් රාජ්‍ය ආරංචි මාර්ගයක් රොයිටර් පුවත් සේවයට තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත්, රජයේ හමුදා එම ප්‍රදේශයේ ඉදිරියට පැමිණ ඇති බව හූති හමුදාවන්ට හිතවාදී මාධ්‍ය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.
එක්සත් ජනපද-ඉරාන ගැටුමේ බලපෑමක් ලෙස තාවකාලිකව නැවතී තිබූ යේමන සිවිල් යුද්ධය නැවත ඇවිළීමත් සමඟ, සති කිහිපයක සිට ප්‍රධාන පෙරමුණු කිහිපයකම දැඩි සටන් ක්‍රියාත්මකයි.
එහිදී හූති සංවිධානය ඉතා වැදගත් බාබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ බලය ඇල්ලීමට උත්සාහ කරන අතර සවුදි නගර සහ යටිතල පහසුකම් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ඉරානය විසින් හෝමූස් (Hormuz) සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගල්ෆ් කලාපයේ බලශක්ති අපනයනයට මෙන්ම බාධා පැමිණ ඇති පසුබිමක, යේමනයේ සිදුවන මෙම සටන් තවත් ප්‍රධාන තෙල් අපනයන මාර්ගයකට තර්ජනයක් වී ඇති අතර මෙය ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ නැංවීමට මෙන්ම දැනටමත් නොසන්සුන්කාරී තත්ත්වයක පවතින කලාපයේ අවදානම තවත් වැඩි කිරීමට හේතු වී තිබෙනවා.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය ඉරිදා දිනයේදී ප්‍රකාශ කළේ අහිමි වූ ප්‍රදේශ නැවත අත්පත් කරගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවයි.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026