General05 October 2026

NBRO අනුමැතිය නැතිව උඩරට දුම්රිය ධාවනය ආරම්භ කළ බවට අනාවරණයක්

ගල් හා පස්කඳු සහිත උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිසි අවසරයකින් තොරව බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර පවසනවා.

ඔහු මේ පිළිබඳව පවසා සිටියේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ලේකම්වරයා මේ පිළිබඳව පවසා සිටියේ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් අවහිර වී තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද පස්වරුවේ යථා තත්ත්වයට පත්කෙරුණු පසුබිමකයි.

කඩිගමුව සහ ගංගොඩ දුම්රිය ස්ථාන අතරදී මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් අද උදෑසන මෙලෙස පීලි පැනීමට ලක්වුණේ පේරාදෙණිය සිට කොළඹ-කොටුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක්.

එම දුම්රිය පස්වරුව වනවිට පීලිගත කර අවසන් කෙරුණු අතර ඒ හේතුවෙන් පස්වරු 4.35 ට සහ පස්වරු 5.15 ට ගම්පොළ හා පේරාදෙණිය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය, කොළඹ-කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු රඹුක්කන දුම්රිය ස්ථානයට සීමාවූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පසුගියදා යථා තත්ත්වයට පත්කෙරුණේ පේරාදෙණිය දක්වා නායයෑම්වලින් මාර්ගයට සිදුවූ හානි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුවයි.

කෙසේ වෙතත්, පවතින වැසි හේතුවෙන් අද උදෑසන කඩිගමුව සහ ගංගොඩ දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබූ අතර ඒ හේතුවෙන් දුම්රියට ද හානි සිදුවුණා.

එම දුම්රියේ රියැදුරු සඳහන් කළේ තමන් මීටර 10ක් පමණ දුරින් දුම්රිය මාර්ගයට පස් සහ ගල් වැටී ඇති බව දැක හදිසි තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කළත් දුම්රිය නවත්වා ගැනීමට නොහැකි වූ බවයි.

අනතුර හේතුවෙන් එම දුම්රියේ සිටි මගීන් බස් රථ යොදා රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා ගෙනැවිත් වෙනත් දුම්රියක් මාර්ගයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දීමටයි දුම්රිය බලධාරින් පියවර ගත්තේ.

කෙසේ වෙතත් ගල් හා පස්කඳු සහිත මෙම මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිසි අවසරයකින් තොරව බවටයි අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර කියා සිටියේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු රඹුක්කන දුම්රිය ස්ථානයට සීමාවූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පසුගියදා යථා තත්ත්වයට පත්කෙරුණේ පේරාදෙණිය දක්වා නායයෑම්වලින් මාර්ගයට සිදුවූ හානි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුවයි.

කෙසේ වෙතත්, පවතින වැසි හේතුවෙන් අද උදෑසන කඩිගමුව සහ ගංගොඩ දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබූ අතර ඒ හේතුවෙන් දුම්රියට ද හානි සිදුවුණා.

එම දුම්රියේ රියැදුරු සඳහන් කළේ තමන් මීටර 10ක් පමණ දුරින් දුම්රිය මාර්ගයට පස් සහ ගල් වැටී ඇති බව දැක හදිසි තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කළත් දුම්රිය නවත්වා ගැනීමට නොහැකි වූ බවයි.

අනතුර හේතුවෙන් එම දුම්රියේ සිටි මගීන් බස් රථ යොදා රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා ගෙනැවිත් වෙනත් දුම්රියක් මාර්ගයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දීමටයි දුම්රිය බලධාරින් පියවර ගත්තේ.
Related recommendation
Hiru TV News | Programmes