General05 October 2026

'බැක්හෝ සමන්'ගේ මිලියන 40 දේපළ දින 14කට තහනම්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන නිර්මල ප්‍රසන්න හෙවත් ‘බැක්හෝ සමන්’ නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් උපයාගත් බව කියන පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කර ඇති රුපියල් මිලියන 20 ක ස්ථාවර තැන්පත් දෙකක් දින 14ක කාලයකට තහනම් කරමින් පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් නියෝගයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

එම නියෝගය අද (05) දින සිට වැඩකරන දින 14ක කාලයක් සඳහා වලංගු වන බවයි සඳහන් වන්නේ.

මෙලෙස තහනම් කර ඇති වත්කම් ලෙස රුපියල් මිලියන 20 ක් වටිනා සුඛෝපභෝගී මර්සිඩීස්-බෙන්ස් (Mercedes-Benz) වර්ගයේ මෝටර් රථයක් සහ පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කර ඇති රුපියල් මිලියන 20 ක ස්ථාවර තැන්පත් දෙකක් වන බවයි පොලිසය පවසන්නේ.

අදාල වත්කම් නිමන්ති ෆොන්සේකා නමැති කාන්තාවකගේ නමින් ඇති බවද මේ වන විට විමර්ශනවලදී හෙළිව ඇතැයි ද පොලිසිය පවසනවා.

බැකෝ සමන් නමැත්තා ඉකුත් දා ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකක‍රුවෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඩබ්ලිව්. වික්‍රමසේකරගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙයි.
Related recommendation
Hiru TV News | Programmes