General05 October 2026

ඉන්ධන හිඟයක් නෑ, කලබල වී පෝලිම් ගැසෙන්න එපා – පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් ඉල්ලීමක්

දිවයින පුරා ඉන්ධන හිඟයක් හෝ සැපයුම් බාධාවක් නොමැති බැවින් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දිනපතා පළවන ඉංග්‍රීසි පුවත්පත වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි සඳහන් කර සිටියේ, ඇතැම් ඉන්ධන පිරවුම්හල් නිසි වේලාවට ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් පිරවුම්හල් කිහිපයක පෝලිම් හටගෙන ඇති බවයි.

එමෙන්ම ඉන්ධන ප්‍රවාහන කොමිස් ගාස්තු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පවතින කොමිස් සූත්‍රයේ සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

වර්තමාන සූත්‍රය සකස් කිරීමේදී මධ්‍යම කඳුකරය සහ දකුණු පළාත සඳහා වන ප්‍රවාහන කොමිස් ගාස්තු සලකා බලා නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes