General05 October 2026

1වසරට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණය අතරේ මාතර රාහුල විදුහලේ ලේඛනාගාරයේ ගින්නක්

මාතර රාහුල විද්‍යාලයේ වජ්‍ර ජයන්ති පුස්තකාල ගොඩනැගිල්ලේ පිහිටි ලේඛනාගාරයේ අද (05) පස්වරුවේ හටගත් හදිසි ගිනිගැනීම මේ වන විට මැඬ පවත්වා තිබෙනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගිනිගැනීම සිදුවන්නට ඇති බවට සැක පළ කරන බවයි මාතර පොලිසිය පවසන්නේ.

අද දින විද්‍යාලයේ පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදී මෙම ගින්න හට ගත්තා.

කෙසේ වෙතත්, මාතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වහා ක්‍රියාත්මක වී ගින්න අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීමට නොදී මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes