International05 October 2026

ප්‍රංශයේ සිසු විරෝධතාව අතරතුර ඇති වූ ගැටුමෙන් - පාසල් සිසුවෙකුගේ අතක් පුපුරා යයි

ප්‍රංශය පුරා පාසල් ගොඩනැගිලිවල පවතින අබලන් තත්ත්වය, අධික තදබදය සහ ගුරු හිඟයට එරෙහිව සිසුන් දියත් කර ඇති දැවැන්ත විරෝධතා අතරතුර, පොලිසිය සහ සිසුන් අතර ඇති වූ උණුසුම් ගැටුමකදී 15 හැවිරිදි පාසල් සිසුවෙකුගේ අතක් පුපුරා ගොස් තිබෙනවා.

මෙම සිදුවීම උතුරු ප්‍රංශයේ ලෙන්ස් නගරයේ ඔගස්ට් බෙහාල් උසස් පාසල අසලදී සිදුව ඇති බව ප්‍රදේශයේ ආණ්ඩුකාර François-Xavier Lauch තහවුරු කර ඇති බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.

තුවාල ලැබූ සිසුවාගේ ජීවිතයට තර්ජනයක් නොමැති අතර, ඔහු වහාම අසල පිහිටි රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සිදු වූ ආකාරය පිළිබඳව පරස්පර වාර්තා පළවෙනවා.

පොලිස් පාර්ශ්වය පවසන්නේ කැරලි මර්දන පොලිසිය එල්ල කළ 'ස්ටිං-බෝල්' (sting-ball) අත්බෝම්බයක් සිසුවා අතට ගැනීමට උත්සාහ කිරීමේදී එය පිපිරී ගිය බවයි.

කෙසේ වෙතත්, එතැන සිටි වෙනත් සිසුවියක සඳහන් කරන්නේ ඔහු අත්බෝම්බය අතින් නොඇල්ලූ බවත්, එය සෘජුවම පැමිණ පුපුරා ගිය බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රංශ පොලිස් පරීක්ෂණ ඒකකය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු මුල්කරගනිමින් සැප්තැම්බර් අග භාගයේ ආරම්භ වූ මෙම සිසු විරෝධතා මේ වන විට රට පුරා විශ්වවිද්‍යාල දක්වා ද ව්‍යාප්ත වී ඇති අතර, ප්‍රංශය පුරා පාසල් 500 කට ආසන්න ප්‍රමාණයක් වසා දැමීමට සිදු වුණා.

අධ්‍යාපන අමාත්‍යාංශ දත්තවලට අනුව විරෝධතා ආරම්භ වූ තැන් සිට මේ දක්වා සිසුන් 190 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.



Related recommendation
Hiru TV News | Programmes