විදෙස්ගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.
මැලේසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙන් ඇය මෙලෙස පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කැඳවීම් ලද, ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින්.
මෙම ඉල්ලීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා ඉදිරියේ අද කැඳවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙහි වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර තිබෙනවා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේදී පොලිසිය විසින් ගුවන්තොටුපොළේදී තමන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බවයි ඇය පැමිණිල්ලෙන් දන්වා සිටියේ.
සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ පසුබිමකයි පසුගියදා ඇය සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබුණේ.
පසුව ඇය අදාළ ප්‍රකාශය දීම සදහා වෙනත් දිනයක් ඉල්ලා තිබූ අතර, ඒ වන විට හිටපු ජනාධිපති ආර්යාව නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම් දී ඇති බව වාර්තා වුණා.
එවන් පසුබිමක ඇය මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

Latest News
බල්ගේරියාවේ මෝටර් රථ 50ක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11ක් මරුට - 50කට තුවාල
Local
10 November 2026
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි සමරිසි සබඳතා නීතිගත වෙයි
Local
10 November 2026
කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් ඉලක්ක කරගත් වංචනිකයෙකු ගැන වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
10 November 2026
රිලවෙක් බගවන්තලාවේ කරන්ට් කපලා
Local
10 November 2026
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත වෙයි
Local
10 November 2026
ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන විමර්ශනයට සහ අගමැති ධුර කාලය සීමා කිරීමට අයිසෙන්කොට්ගේ පක්ෂයෙන් පනත් කෙටුම්පත්
Local
10 November 2026
ෂෙයික් හසීනාට මරණ දඬුවමට මුහුණ දීම හැර වෙනත් නීතිමය විකල්පයක් නැහැ - බංග්ලාදේශ ප්‍රධාන අභිචෝදක
Local
10 November 2026
බිම්ස්ටෙක් මහලේකම් ප්රමුඛ නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
Local
10 November 2026
“දළ දේශීය නිෂ්පාදිතයට නොපෙනෙන පරිසර හානිය මැනීමට නව ජාතික ගිණුම් ක්‍රමයක් අවශ්‍යයි”
Local
10 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
Local
10 November 2026