General08 October 2026

කල්අඩි ප්‍රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට වෙඩි

පුත්තලම - කල්අඩි ප්‍රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි කපා සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට එහි මුරකරු විසින් වෙඩි තබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, රිපිටර් වර්ගයේ ගිනි අවියකින් අද (08) අළුයම මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
Related recommendation
Hiru TV News | Programmes