බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් අද (08) පත්කර තිබෙනවා.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයට අනුව මෙම කමිටුව පත් කර තිබෙන බව සඳහන්.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක මෙම කමිටුවට අයත්.
බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත්කර තිබෙනවා.
මේ අනුව බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරෙනවා.

Latest News
බල්ගේරියාවේ මෝටර් රථ 50ක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11ක් මරුට - 50කට තුවාල
Local
10 November 2026
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි සමරිසි සබඳතා නීතිගත වෙයි
Local
10 November 2026
කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් ඉලක්ක කරගත් වංචනිකයෙකු ගැන වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
10 November 2026
රිලවෙක් බගවන්තලාවේ කරන්ට් කපලා
Local
10 November 2026
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත වෙයි
Local
10 November 2026
ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන විමර්ශනයට සහ අගමැති ධුර කාලය සීමා කිරීමට අයිසෙන්කොට්ගේ පක්ෂයෙන් පනත් කෙටුම්පත්
Local
10 November 2026
ෂෙයික් හසීනාට මරණ දඬුවමට මුහුණ දීම හැර වෙනත් නීතිමය විකල්පයක් නැහැ - බංග්ලාදේශ ප්‍රධාන අභිචෝදක
Local
10 November 2026
බිම්ස්ටෙක් මහලේකම් ප්රමුඛ නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
Local
10 November 2026
“දළ දේශීය නිෂ්පාදිතයට නොපෙනෙන පරිසර හානිය මැනීමට නව ජාතික ගිණුම් ක්‍රමයක් අවශ්‍යයි”
Local
10 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
Local
10 November 2026