අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, MS NOW සහ Politico මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට ගත් උත්සාහය නීතියට පටහැනි විය හැකි බව තීරණය කරමින්, එම මාධ්‍යවේදීන්ට ප්‍රවේශය ලබාදීමේ නියෝගය ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් දීර්ඝ කර තිබෙනවා.
අමෙරිකානු දිස්ත්‍රික් විනිසුරු තිමති කෙලී මෙම තීරණය ලබාදී ඇති අතර, අදාළ මාධ්‍ය ආයතන විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් මෙම නියෝගය බලාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණයක් මගින් එම නියෝගය අත්හිටුවීමට හැකියාව පවතිනවා.
පසුගිය සැප්තැම්බර් 24 වැනිදා ලබාදුන් හදිසි නියෝගයකින් ද විනිසුරුවරයා අදාළ මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ප්‍රවේශය යළි ලබාදීමට නියෝග කර තිබුණා.
එම තීරණය මගින් ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගය ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පෙනී යන බවයි විනිසුරුවරයා සඳහන් කර තිබුණේ.
ට්‍රම්ප් විසින් සැප්තැම්බර් මාසයේදී සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මෙම මාධ්‍ය ආයතනවලට එරෙහිව ප්‍රවේශ තහනම ප්‍රකාශයට පත්කර තිබුණා.
එහිදී ඔහු චෝදනා කළේ, තමන් පිළිබඳ වාර්තා කිරීමේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවලට එවැනි ප්‍රවේශයක් හිමි නොවිය යුතු බවයි.
කෙසේ වෙතත්, අදාළ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන්නේ, තමන්ට අකමැති ප්රවෘත්ති වාර්තා කිරීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට එරෙහිව පළිගැනීමේ අරමුණින් මෙම තහනම පනවා ඇති බවයි.
එම මාධ්‍ය ආයතන අධිකරණයට ගොනුකළ නඩුවෙන් පෙන්වා දී ඇත්තේ, මෙම තහනම අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන බවයි.
එමෙන්ම, රජය විසින් සාධාරණ ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමේ අයිතිය ද මෙයින් උල්ලංඝනය වන බවට ඔවුන් චෝදනා කර තිබෙනවා.
ට්‍රම්ප් විසින් 2017 වසරේදී පත්කරන ලද විනිසුරු තිමති කෙලී, මාධ්‍යවේදීන්ට ප්‍රවේශය තහනම් කිරීම සාධාරණීකරණය කිරීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ක සම්බන්ධයෙන් ද සැක පළ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, අදාළ මාධ්‍ය ආයතන රහසිගත තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කර ඇති බවට අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥයන් චෝදනා කරනවා.
මූලාශ්‍රය : රොයිටර්

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026