International14 October 2026

හදවත සංවේදී කළ අලි දෙනගේ සේයාරුවට 2026 වසරේ හොඳම වනජීවී ඡායාරූප සම්මානය

නැමීබියාවේ හුආබ් ගංගා නිම්නයේදී මියගිය අලි පැටවකු රැගෙන යන අලි දෙනකගේ අතිශය සංවේදී සහ සංකීර්ණ දසුනක් කැමරා කාචයට නඟමින්, ඉතාලි ජාතික ඡායාරූප ශිල්පී ෆෙඩරිකෝ වෙරෝනෙසි (Federico Veronesi) විසින් 2026 වසරේ හොඳම වනජීවී ඡායාරූප ශිල්පියා සම්මානය දිනාගෙන තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

"මම සතුන්ගේ ඡායාරූප ගැනීමට ගත කළ වසර 20 ක කාලය තුළ මා දුටු වඩාත්ම හද කම්පා කරවන, සිත් ඇදගන්නාසුළු මෙන්ම නාට්‍යමය අවස්ථාව මෙයයි" යනුවෙන් පවසන වෙරෝනෙසි, මෙය සතුන්ගේ ලෝකයේ සංකීර්ණ හැඟීම් සහ සිතුවිලි මනාව අනාවරණය කරන්නක් බවත් සඳහන් කරනවා.

සතුන්ගේ භෞතික පෙනුමෙන් ඔබ්බට ගොස් ඔවුන්ටම ආවේණික සබඳතා, මතකයන් සහ හැඟීම් ඇති ජීවීන් ලෙස ඔවුන් පිළිගැනීමට මෙමඟින් ජනතාව පෙළඹෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවත් බීබීසී පුවත් සේවයේ සඳහන්.

මෙම වසරේ තරගයේ වාර්ෂික ප්‍රදර්ශනය ඔක්තෝබර් 16 වන සිකුරාදා ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේදී විවෘත වීමට නියමිත බවත් බීබීසී පුවත් සේවයේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes