International14 October 2026

සෞදි අරාබියට එල්ල වන ප්‍රහාර කිසිදා අමතක කරන්නේ නෑ – හූති කැරලිකරුවන්ට ට්‍රම්ප්ගෙන් සැර අනතුරු ඇඟවීමක්

සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර හරහා අමෙරිකානු මැතිවරණයට පෙර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ දැමීමට යේමනයේ හූති කැරලිකරුවන් උත්සාහ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.

එම ප්‍රහාර පිටුපස ඉරානය සිටින බවටද ට්‍රම්ප් චෝදනා කර ඇති අතර, හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, පසුගිය වසරේ අමෙරිකාව හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කලක් නිහඬව සිටි කැරලිකරුවන් යළිත් ප්‍රහාර ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම, ඉදිරි අමෙරිකානු මැතිවරණයෙන් පසුවද මෙම සිදුවීම් අමතක නොකරන බව ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

සෞදි අරාබියට එල්ල වූ නවතම හූති ප්‍රහාර හමුවේ කලාපීය ගැටුම් තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් මතුව ඇති අතර, එය ලෝක තෙල් සැපයුමට සහ මිල ගණන්වලට බලපෑම් කළ හැකි බවටද අවධානය යොමුව තිබෙනවා.

මූලාශ්‍රය - THE ECONOMIC TIMES
Related recommendation
Hiru TV News | Programmes