International14 October 2026

අනාථ වූ 'ඔරංඔටන්' පැටවුන් 5 දෙනෙකුගෙන් එළියට ආ ඩොලර් බිලියන 20ක ජාවාරමක සුලමුල

වනාන්තරයක් අසල අසරණව සිටි නාඳුනන සතුන් පැටවුන් පස්දෙනෙකු හමුවීමේ පුවතක් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

තැඹිලි පාටට හුරු රතු පැහැති ලොම් සහ දිගු අත්පා සහිත මෙම සතුන් පැටවුන් දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් එකතු වී ඇති අතර, පසුව ඔවුන් විසින් වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම අමුත්තන් අන් කවරෙකු නොව අතිශය දුර්ලභ ගණයේ 'ඔරංඔටන්' පැටවුන් පස්දෙනෙකු බවයි.

බෝර්නියෝ සහ සුමාත්‍රා වනාන්තරවලට පමණක් ආවේණික, ලොව බුද්ධිමත්ම ක්ෂීරපායී සතුන් විශේෂයක් වන මෙම ඔරංඋටන් පැටවුන් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයට පැමිණියේ කෙසේදැයි යන්න නිලධාරීන්ට පවා විශාල කුතුහලයක් වී තිබෙනවා.

මාස 18කට වඩා අඩු වයසැති මෙම පැටවුන් පස්දෙනා ඔවුන්ගේ මව්වරුන්ගෙන් වෙන්කර මෙසේ අත්හැර දමා ගොස් ඇති බව සඳහන්.

වනජීවී සංරක්ෂකයින් පෙන්වා දෙන්නේ මෙය ඩොලර් බිලියන 20ක පමණ වටිනාකමකින් යුත් ලොව පුරා ක්‍රියාත්මක වන නීති විරෝධී වනජීවී ජාවාරමක එක් ප්‍රතිඵලයක් බවයි.

මූලාශ්‍රය - CNN
Related recommendation
Hiru TV News | Programmes