International14 October 2026

චීනය සහ උතුරු කොරියාව අතර ඉදිකර ඇති නව පාලම හෙට විවෘත කිරීමට පියවර

චීනය සහ උතුරු කොරියාව අතර ඉදිකර ඇති නව යාලු ගංගා පාලම (New Yalu River Bridge) හෙට (15) වාහන ගමනාගමනය සඳහා නිල වශයෙන් විවෘත කිරීමට නියමිත බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන ෂින්හුවා වාර්තා කරනවා.

දෙරට අතර වෙළෙඳ සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් චීනය සිය පාලමේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේදී අවසන් කර තිබුණා.

කෙසේ වෙතත්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා තිබූ සම්බාධක දැඩි කිරීමට චීනය සහාය දැක්වීමත් සමග දෙරට අතර සබඳතා පළුදු වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ හේතුවෙන් උතුරු කොරියාව සිය පාලමේ ඉදිකිරීම් කටයුතු වසර ගණනාවක් අතහැර දමා තිබුණා.

මූලාශ්‍රය : අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes