General14 October 2026

‘කුඩු සළිඳු’ගේ ගෝල ‘පියුමා’ ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘කඩු සළිඳුගේ” ගෝල “පියුමා” ලබන 28 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (14) නියෝග කළා.

මෙම සිද්ධියට අදාලව මෙතෙක් නිතිපති උදෙස් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම් දීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කමරදුව, අරුක්ගොඩ, අළුබෝමුල්ල පදිංචි හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් ‘පියුමා’ නැමත්තායි.

මෙම සැකකරු අපරාධ පරීක්ෂණ‍ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබුවේ ඉකුත් 2024 පෙබරවාරි මස 15 වැනිදායි.

මොහු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කරනු ලැබ තිබූ රතු නිවේදනයට අනුවයි.

මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ඝාතන ගණනාවක් මෙහෙයවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

බන්ධනාගාරය විසින් සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ සූම් තාක්ෂණය ඔස්සේයි.

විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබ ඇප මත සිටින සළිදු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ නමැති සැකකරුගේ ගෝලයෙකු බව කියන පියුම් හස්තික නමැති මෙම සැකකරු අධිකරණය මගින් එලෙස තවදුරටත් රක්ෂිත භාරයට පත්කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes