යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාව පැවැත්වුණේ, අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.
යුරෝපා සංගම් නියෝජිත පිරිසේ නායකත්වය ඉසිලුවේ ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්‍ෂ පීටර්ස් උස්ටබස් වන අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන අය අමාත්‍යාංශය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව තිබෙනවා.
ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා බලශක්ති ගබඩා තාක්ෂණය ගැන නියෝජිත පිරිස ප්‍රසාදය පල කර ඇති බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනයට සහාය වීමේ ක්‍රමවේද සලකා බලමින් සිටින බවත්, ඔවුන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රජය ගෙන යන ව්‍යාපෘති ගැන අමාත්‍ය අනුර කරුණාතිලක නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා.
කොළඹ වරායේ සමස්ත සැපයුම් හා ප්‍රවාහන ධාරිතාව වැඩි කර ගැනීමට බහාලුම් පර්යන්ත සංවර්ධනය කිරීම ගැන ද දෙපාර්ශවයම අතර අදහස් හුවමාරු වූ බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ත්‍රිකුණාමලය වරාය ගැන ද සාකච්ඡාවේදී අදහස් පල වූ අතර, ත්‍රිකුණාමලයේ හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමට ඇති යෝජනා ගැන ද විමසීමට ලක්ව තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා මෙම කාර්ය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාව ගැන ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, සාකච්ඡාව අවසානයේ යුරෝපා සංගමයේ ග්ලෝබල් ගේට්වේ වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026