General14 October 2026

බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මැඩ පවත්වයි

බම්බලපිටිය - කාසල් මාවතේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.

අදාළ නිවාස සංකීර්ණයේ හතරවැනි මහලේ අද පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්න පාලනයට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට අයත් වාහන 05 ක් යොදවා තිබුණා.

එය මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ
Related recommendation
Hiru TV News | Programmes