ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්, සමාගම් නියෝජිතයන් සහ ජාත්‍යන්තර ව්‍යාපාරික හවුල්කරුවන් එක්වන UCN Global 2026 සමුළුව බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට අනුව, UConnect Worldwide (UCN) ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලය විසින් සංවිධානය කරන මෙම සමුළුව ඔක්තෝබර් 16 වැනිදා දක්වා කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
මෙම සමුළුව සඳහා දෙස් විදෙස් නියෝජිතයන් 300කට ආසන්න පිරිසක් සහභාගි වන බවයි අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වෙන්නේ.
UCN සාමාජිකයන්ට සහ ක්ෂේත්‍රයේ නියෝජිතයන්ට එකිනෙකා සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ ව්‍යාපාරික සහයෝගිතා වර්ධනය කර ගැනීමට මෙම සමුළුවෙන් අවස්ථාව සැලසෙනවා. ඒ යටතේ මුහුණට මුහුණ ව්‍යාපාරික සාකච්ඡා සහ ජාලගත සබඳතා වර්ධනය කිරීමේ වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා.
මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් කොළඹ වරාය ආශ්‍රිත භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් සේවා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, මෙරට සමාගම්වලට විදේශීය ව්‍යාපාරික හවුල්කරුවන් හඳුනා ගැනීමටත් අවස්ථාව උදාවන බව UConnect Worldwide ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෲ ස්මිතර්ස්ට් ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ සඳහන්.
විදේශීය නියෝජිතයන්ගේ පැමිණීම හරහා හෝටල්, ප්‍රවාහන සහ අනෙකුත් සේවා සඳහා ඉල්ලුමක් ඇති වන අතර, ජාත්‍යන්තර ව්‍යාපාරික හමුවීම් පැවැත්විය හැකි ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීමටද මෙම සමුළුව දායක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සමුළුව අමතමින් අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර ඇත්තේ, ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට හැකියාව පවතින පුළුල් ක්ෂේත්‍රයක් බවයි.
ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් හමුවීම හරහා ශ්‍රී ලංකාවට ගෝලීය ව්‍යාපාරික ලෝකය සමඟ තවදුරටත් සම්බන්ධ වීමට මෙම සමුළුව වැදගත් අවස්ථාවක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල සහ UConnect Worldwide ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෲ ස්මිතර්ස්ට් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූ බවයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026