රජය විසින් සිවුරට සිදු කළ නිග්‍රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්‍රහයක් බවත්, රජය කළ යුත්තේ ස්වාමීන්වහන්සේගේ සිවුරු ගැලවීම නොව බුදුදහම ප්‍රවර්ධනය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කොළඹ 14, ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ දී අමරපුර මහා නිකායේ මහනායක, අමරපුර ගණපාමොක්ඛාචරිය, අරියවංසාලංකාර, මහොපාධ්‍යය, පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන් හමුවූ අවස්ථාවේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී එය ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීමක් හා යුතුකමක් බවත් ඒ අතර සෙසු ආගම් හා සංස්කෘතීන් ද ආරක්ෂා කළ යුතු බවයි.
රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති විසින් බුද්ධශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් ලෙසත්, සෙසු ආගම් හා ජාතීන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශත් ස්ථාපිත කළ බව විපක්ෂ නායකවරයා උන්වහන්සේ හමුවේ මතක් කර සිටියා.
රජය විසින් සිදු කර ඇත්තේ බහුතර ජනතාව විශ්වාස කරන ආගමේ සංකේතයක් වන චීවරයට අගෞරව කිරීමක් බවත්, රෙගුලාසි හා තාක්ෂණික කරුණු පමණක් නොසලකා සියලු ආගමික නායකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මීට වඩා සංවේදී විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
තමා කිසිවිටෙකත් අධිකරණ තීන්දු අභියෝගයට ලක් නොකරන නමුත්, චීවරයට අත තැබීම වැරදි ක්‍රියාවක් බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
මෙහිදී අදහස් දැක්වූ අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන් සඳහන් කළේ, ස්වාමීන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීමට මහනායක හිමි නමකට වුවද තනිවම තීරණය කළ නොහැකි බවයි.
එමෙන්ම භික්ෂූත්වය අහෝසි කළ හැක්කේ කාරක සංඝ සභාව රැස් කර විමර්ශනය කිරීමෙන් පසුව ගන්නා තීරණය මත පමණක් බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026