General14 October 2026

පහරදීමේ සිද්ධියකට අධිකරණය මග හරිමින් සිටි නීතිඥවරයෙක් ගම්පහ අධිකරණය අසලදී අත්අඩංගුවට

පහරදීමේ සිද්ධියකට අදාලව මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුව සිටි නීතිඥවරයකු ගම්පහ අධිකරණය ඉදිරිපිටදී කඩවත පොලිසිය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පහරදීමේ සිද්ධියකට අදාලව මෙම නීතිඥවරයාට එරෙහිව මහර අධිකරණයේ පැවැති නඩුවක චූදිත වන මෙම සැකකරු දිගින් දිගටම අධිකරණය මග හැර සිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් වී ඇති බවයි.

2015 වසරේදී හෙදියකට පහරදීමේ සිද්ධියකට අදාලව මෙම සැකකරුට එරෙහිව කඩවත පොලිසියෙන් මහර අධිකරණයට කරුණු වාර්තා කර තිබූ නඩුවකට අදාලව මෙලෙස විවෘත වරෙන්තු නිකුත් වී තිබූ බවයි පොලිසිය පැවසුවේ.

මෙම නීතඥවරයා අද (14) ගම්පහ මහාධිකරණයේ පැවැති නඩුවකට සේවාදායකයකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ගොස් සිටියදී කඩවත පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මෙලෙස අධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වුණේ.
Related recommendation
Hiru TV News | Programmes