International16 October 2026

ප්‍රංශයේ චැනල් ටනල් පරිශ්‍රයේදී බස් රථයක් දුම්රියක ගැටී 19කට තුවාල

ප්‍රංශයේ කොකුවෙල්ස් (Coquelles) හි පිහිටි චැනල් ටනල් (Channel Tunnel) පිවිසුම් පරිශ්‍රයේදී මගී බස් රථයක් නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, එම වාර්තා සඳහන් කරන්නේ, ලොරි රථ රියදුරන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා බස් රථයක් මෙලෙස දුම්රිය පටවන වේදිකාව (Loading Platform) අසලදී ගමන් ආරම්භ කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බවයි.

අනතුරින් බස් රථයේ රියදුරු සහ එක් මගියෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන්ව හෙලිකොප්ටර් යානා මගින් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

චැනල් ටනල් හි පටවන වේදිකාවක් මත මෙවැනි අනතුරක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මූලාශ්‍රය - බීබීසී
Related recommendation
Hiru TV News | Programmes