General16 October 2026

කළුතර, නාගොඩ අවන්හලේ හිමිකරු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

කළුතර, නාගොඩ අවන්හලක් ඉදිරිපිටදී එම අවන්හලේ හිමිකරු සහ බිරිද වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24, 26 සහ 36 යන වයස්වල පසුවන කළුතර දකුණ සහ අගලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී යතුරුපැදියක්, ජංගම දුරකථන දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් සහ සොරකම් කරන ලද බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
Related recommendation
Hiru TV News | Programmes