අමෙරිකානු හමුදා මනෝ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර 2009 වසරේදී ටෙක්සාස්හි ෆෝට් හුඩ් (Fort Hood) හමුදා කඳවුරේදී වෙඩි තැබීමක් සිදු කර පුද්ගලයින් 13 දෙනෙකු මරා දමා තවත් 32 දෙනෙකු තුවාල ලැබූ නිඩාල් හසන් (Nidal Hasan) නැමැත්තාට වෙඩි තැබීමේ බලඇණියක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මරණ දණ්ඩනය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමේ සැලසුම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවලංගු කර තිබෙනවා.
මෙම මරණ දණ්ඩනය සජීවීව පෙන්වීමට මීට පෙර අනුමැතිය ලබා දී තිබුණ ද, අමෙරිකාව තුළ මෙන්ම ගෝලීය වශයෙන් ද දැඩි විරෝධතා එල්ල වීමත් සමඟ ජනාධිපතිවරයා මෙම තීරණය වෙනස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, "බොහෝ යහපත් අදහස් ඇති පුද්ගලයින් ඔහු මියයනවා බැලීමට කැමති නැති බව මම තේරුම් ගත්තා," යැයි ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, නියමිත පරිදි 2026 දෙසැම්බර් 03 වන දින වෙඩි තැබීමේ බලඇණියක් මගින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බවත්, ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව කටයුතු කරන ආකාරය ලෝකයට පෙන්වීමට සජීවී විකාශයක් ශක්තිමත් පියවරක් වනු ඇතැයි තමන් විශ්වාස කළ බව ද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මියගිය අයගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය නම් එම මරණ දණ්ඩනය පුද්ගලිකව පැමිණ නැරඹිය හැකි බවත්, ඔවුන්ට යුක්තිය දැකීමට අයිතියක් ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
පෙන්ටගනය විසින් පසුගිය සතියේ නිවේදනය කළේ, මෙම මරණ දණ්ඩනය දෙසැම්බර් 3 වන දින සිදු කරන බවත් එය අන්තර්ජාලය හරහා සජීවීව විකාශය කරන බවයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන රැසකින් ඊට දැඩි විරෝධතා එල්ල වුණා.
වසර 60 කට වැඩි කාලයකට පසු ඇමෙරිකානු හමුදාවක සිදු කෙරෙන පළමු මරණ දණ්ඩනය මෙය වන අතර, හසන්ගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ සජීවී විකාශය අවලංගු කිරීම පුදුමයට කරුණක් නොවන බවත්, මුලින් එය සජීවීව පෙන්වීමට ගත් තීරණය වැරදි සහගත බවයි.
මූලාශ්‍රය - බීබීසී

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026