General16 October 2026

ගෑස් හිඟය දින දෙකක් තුළ යථා තත්ත්වයට : ලිට්රෝ සමාගම කියයි

බස්නාහිර පළාතේ සහ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින ගෑස් හිඟය අනිද්දා (18) වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි සභාපති චන්න ගුණවර්ධන කියා සිටියේ මෙට්‍රික් ටොන් 3,500 ක ධාරිතාවයකින් යුත් ගෑස් අඩංගු නෞකාවක් නිසි වේලාවට නෙපැමිණීම ඊට හේතුව බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට එම නෞකාව පැමිණ ඇති අතර, ගෑස් ගොඩ බෑමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ඇතැම් ප්‍රදේශවල ලාෆ් ගෑස් හිඟයක්ද පවතින බව වාර්තා වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes