General16 October 2026

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළා.

එදිනට ඇප නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes