General16 October 2026

සුනාමියෙන් 5,644ක් තවමත් අතුරුදන් : මරණ සහතික නිකුත් කිරීමේ බාධාවක්

මෙරටට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් 5,644 දෙනෙකු පිළිබඳ තොරතුරු තවමත් නිශ්චිත නොවීම හේතුවෙන් ඔවුන්ට මරණ සහතික නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ජානක හඳුන්පතිරාජ මේ බව ප්‍රකාශ කළේ, ආපදා සූදානම සහ ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (15) සංවිධානය කර තිබූ වැඩමුළුවකට එක්වෙමින්.

2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින මෙරටට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 30,959 දෙනෙකු මියගිය අතර, තවත් පුද්ගලයින් 5,644 දෙනෙකු අතුරුදන් වූ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes