General16 October 2026

කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් යයි

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අද (16) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

මෙම යෝජනාවේ ඇතැම් තාක්ෂණික කරුණු අන්තර්ගත බැවින් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බව එහිදී ආණ්ඩුව පාර්ශ්වය ප්‍රකාශ කළ බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සඳහන් කළේ.

පසුගිය 9 වනදා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත මෙම යෝජනාව භාරදුන් අතර, එමගින් කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා සංඛ්‍යාව 50 ක්.

පසුව, එය න්‍යාය පුස්තකයට ද ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes