සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල්වල කාන්තා සහ පිරිමි වාට්ටු භාවිත කිරීමේදී ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව වෙනුවට ජීව විද්‍යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතු බව එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය නව මාර්ගෝපදේශ නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, සංක්‍රාන්ති ලිංගික රෝගීන් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වයට අදාළ තනි ලිංගික වාට්ටුවල හෝ වාට්ටු කොටස්වල රැකවරණය ලැබිය යුතු බවයි එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.
කෙසේ වෙතත්, එය වෛද්‍යමය වශයෙන් සුදුසු නොවන අවස්ථාවලදී විකල්ප විධිවිධාන යෙදිය යුතු අතර, සියලුම රෝගීන්ගේ ගෞරවය සහ ආරක්ෂාව තහවුරු කළ යුතු බව ද එහි සඳහන්.
එමෙන්ම, රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇති පහසුකම් භාවිත කිරීමේදී ද ජීව විද්‍යාත්මක ලිංගිකත්වය සැලකිල්ලට ගත යුතු බව නව මාර්ගෝපදේශවල දැක්වෙන අතර, ඒ සමඟම තනි පුද්ගලයෙකුට පමණක් භාවිත කළ හැකි වැසිකිළි වැනි විකල්ප පහසුකම් ප්‍රමාණවත් ලෙස සැපයීමට ද රෝහල් බලධාරීන් කටයුතු කළ යුතුයි.
මීට පෙර නිකුත් කර තිබූ මාර්ගෝපදේශ යටතේ රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවට ගැළපෙන වාට්ටු සහ පහසුකම් භාවිත කිරීමට අවස්ථාව තිබුණා.
කෙසේ වෙතත්, 2025 අප්‍රේල් මාසයේදී එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු එම මාර්ගෝපදේශ ඉවත් කර තිබෙන අතර, සමානාත්මතා නීතිය යටතේ ‘ලිංගිකත්වය’ යන්න ජීව විද්‍යාත්මක ලිංගිකත්වය ලෙස අර්ථ දැක්විය යුතු බව එම තීන්දුවේ සඳහන් වුණා.
මේ අතර, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට වෙනස්කම් සිදු නොවන බව තහවුරු කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිත කළ හැකි පහසුකම් ද ලබාදිය යුතු බව NHS England අවධාරණය කර තිබෙනවා.
මුලාශ්‍රය - BBC

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026