මිහින්තලා මිහිඳු මහා සෑය උදෙසා තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු, ලක්ෂ 1,170ක් වටිනා චූඩ මාණික්‍යය සහ කොත් කැරැල්ල සඳහා නියමිත පරිදි පොලිස් ආරක්ෂාව ලබා නොදීම සම්බන්ධයෙන් මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් දැඩි විරෝධය පළ කර සිටිනවා.
උන්වහන්සේ සඳහන් කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සිදුකරන මෙම පූජනීය කටයුත්ත සඳහා ආරක්ෂාව ඉල්ලා සිටියද, අදාළ නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
ආරක්ෂාව නොමැතිවීම හේතුවෙන් තමන් වහන්සේට චූඩ මාණික්‍යය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පවා සිදු වූ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම, මෙම ආරක්ෂක අඩුපාඩුව පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේදී, ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් නොගැලපෙන ලෙස අදහස් දක්වා ඇති බවට චෝදනා කරමින් ඒ හා සබැඳි හඬපටයක් ද උන්වහන්සේ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
තමන්ගේ හෝ අදාළ තරුණ මාධ්‍යවේදියාගේ ජීවිතයට යම් උපද්‍රවයක් හෝ හානියක් සිදුවුවහොත් ඊට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වගකිව යුතු බවත්, මෙම තත්ත්වයට එරෙහිව නැගී සිටින ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බවත් මිහින්තලේ හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026