කොළඹ වරායේ සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් ඩිජිටල්කරණය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 17ක මූල්‍ය ප්‍රදානයක් ලබා දී තිබෙනවා.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය නිවේදනය කළේ, මෙම මූල්‍ය පරිත්‍යාගය ලබා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් එස්. මේයර් අද (16) පෙරවරුවේ වරාය පරිශ්‍රයට පැමිණි බවයි.
ප්‍රථමයෙන් කොළඹ වරාය නියමු නාවික මධ්‍යස්ථානයට (Pilot Station) පැමිණි තානාපතිවරයා, වරාය සහ සිවිල් ගුවන්සේවා, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සහ වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක විසින් පිළිගෙන තිබෙනවා.
අනතුරුව නියමු නාවික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ හෙතෙම, නැගෙනහිර පර්යන්තයේ (ECT) පරිපාලන ගොඩනැඟිලි පරිශ්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වී ඇති අතර, එහිදී අදහස් දැක්වූ ඇමරිකානු තානාපතිවරයා සඳහන් කළේ, ඇමරිකානු තාක්ෂණය කොළඹ වරායට හඳුන්වාදීම හරහා වරාය මෙහෙයුම් වේගවත් කිරීමටත්, වෙළඳ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් දෙරටේ ආර්ථිකයන් ශක්තිමත් කිරීමටත් එය ඉමහත් දායකත්වයක් වන බවයි.
මෙම මූල්‍ය ප්‍රදානය වෙනුවෙන් ඇමරිකා රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජයේ තුති ප්‍රණාමය පුද කළ වරාය සහ සිවිල් ගුවන්සේවා, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ, මෙම ආධාර මුදල නාවික තනි කවුළුව (National Single Window) සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සඳහා යොදා ගන්නා බවයි.
මෙම අවස්ථාවට එක්වෙමින් වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක ප්‍රකාශ කළේ, මේ වසරේ බහාලුම් මිලියන 09ක් මෙහෙයවීමට අපේක්ෂා කරන අතර, ඉන් 80%ක් පමණ ප්‍රතිනැව්ගත කිරීම් වන බවයි.
එමඟින් ගෝලීය වෙළඳාමට කොළඹ වරාය ලබාදෙන දායකත්වයේ වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 250 ඉක්මවන බවත්, එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ඉතා විශාල දායකත්වයක් වන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Latest News
බල්ගේරියාවේ මෝටර් රථ 50ක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11ක් මරුට - 50කට තුවාල
Local
10 November 2026
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි සමරිසි සබඳතා නීතිගත වෙයි
Local
10 November 2026
කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් ඉලක්ක කරගත් වංචනිකයෙකු ගැන වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
10 November 2026
රිලවෙක් බගවන්තලාවේ කරන්ට් කපලා
Local
10 November 2026
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත වෙයි
Local
10 November 2026
ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන විමර්ශනයට සහ අගමැති ධුර කාලය සීමා කිරීමට අයිසෙන්කොට්ගේ පක්ෂයෙන් පනත් කෙටුම්පත්
Local
10 November 2026
ෂෙයික් හසීනාට මරණ දඬුවමට මුහුණ දීම හැර වෙනත් නීතිමය විකල්පයක් නැහැ - බංග්ලාදේශ ප්‍රධාන අභිචෝදක
Local
10 November 2026
බිම්ස්ටෙක් මහලේකම් ප්රමුඛ නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
Local
10 November 2026
“දළ දේශීය නිෂ්පාදිතයට නොපෙනෙන පරිසර හානිය මැනීමට නව ජාතික ගිණුම් ක්‍රමයක් අවශ්‍යයි”
Local
10 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
Local
10 November 2026