General16 October 2026

අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබූ තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගත් බව අප වාර්තාකරු පවසනවා.

ඒ අද (16) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝගයට ගරු කරමින්.
Related recommendation
Hiru TV News | Programmes